Tuesday, January 12, 2016

අනේ තව ඉවසන්ට

අනේ සුදු මහත්තයෝ
කලු ගලේ බෑ නොවෙද
ඔලු ගෙඩිය හප්පන්න.
එපා මහතැන් එක්ක
විරසකව වී වෙන්ට.

කට වහකෝ ගෑනියේ
මාත් මිනිහෙක් නේද..
පුලුවන්ද මේ හැටිම
ඕකුන්ට කඹුරන්ට
කොටනවා ඕකුන්ට
ඔලු කට්ට පලු යන්ට

අනේ මගේ දෙයියනේ
මේ පුංචි දරු පැටව්
වහිනකොට තෙමෙනවා
වී බුසල මැරෙනවා.
ඉවසන්න රත්තරං.
අනේ තව ඉවසන්න.

Monday, January 11, 2016

සාගින්දරට දැවුනු

ඉන්ට බෑ මේ ගෙදර
සල්ලී නෑ කැද බොන්ට
මම යනවා යන්නටම
මොන කරුමක්දෝ මේක.

අනේ තෝ පලයන්ට
තවත් වද නොදී මට
මට මගේ පාඩුවේ
හිටියහැකී තෝ නැතුව.

මම නැතුව මේ දරුවෝ
වල් වැදෙනව නොවෙද..
මෙන්න මේ කහට ටික
බීලා නිදියමු නේද..